කටුගම්පල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය රාජමහා විහාරයක් ලෙස නම් කිරීම පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය හෙට සිදු කිරීමට නියමිතය.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම අද (14) යාපනය දිස්ත්‍රික්කයේ දී සහ ජූලි මස 15 වෙනි දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දී දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නියැලි අද (13) දිවයිනෙන් පිටත් වීමට නියමිතව සිටි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතාගේ දෙදින නිල සංචාරයේ සුවිශේෂී ඡායාරූප ඇතුළත් ඇල්බමය පිරිනැමීම අද (13) කටුනායක,බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී සිදු විය.
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි කල්පිටිය, තලවිල ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (12) පස්වරුවේ තලවිල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.