කඩාවැටුණු මෙරට ආර්ථිකය නැවත නඟාසිටුවීමට ජනාධිපතිවරයා නිසි මාර්ග සිතියමක් සකසා ඇති බවත්, එම මාර්ග සිතියම අනුව කටයුතු කිරීමෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙරට ආර්ථික තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට ඊයේ (මාර්තු 09) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වනවිට ආනයනය හැකිතාක් අඩු කිරීමට ක්‍රියාකර අපනයන හැකිතාක් වැඩි කිරීමට ක්‍රියාකළ බවත්, ආර්ථිකය ශක්තිමත් හා ප්‍රකෘති මට්ටමට පැමිණෙන තෙක් පමණක් බදු වැඩිවීම වැනි දේ දරා ගැනීමට සිදුවනු ඇති බවත්, මේ සියලු උපක්‍රම හේතුවෙන් ආර්ථිකය අද තිබෙන මට්ටමට පැමිණ ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකිරීමද මෙම තත්වයට හේතු වූ බවත්, මේ වන විට මෙරටට ඉන්දියාව, චීනය, ජපානය සහ ඇමරිකාව වැනි රටවල සහය ලැබී ඇති බවත්,රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
- ඉන්දියානු මහකොමසාරිස්වරයා සමග රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි
උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ගෙවන දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
විගමනික සේවකයින්ගේ දරුවන් සඳහා විදේශයන්හි මෙන්ම මෙරටදීත් සමානව අධ්‍යාපන ලබා ගත හැකි ක්‍රම වේදයක් ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී අද (09) ප්‍රකාශ කළේය.