ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.
ප්‍රවෘත්ති ඡායාරූපශිල්පිණියක වන ඡායාරූප කලාවේදී යමුනී රශ්මිකා පෙරේරා ජාත්‍යන්තර EXHIBITION MYSTIC 2017 ඡායාරූප තරඟයෙන් ජාත්‍යන්තරයේ ඇගයීමට පාත්‍රා වූ FIAPරන් සම්මාන දෙකකකින් සහ PSA රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූවාය.
ගෝලීය ආර්ථිකයට බද්ධ වී අපනයනය පදනම් වූ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ යථාර්තයට මුහුණ දිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කළ යුතුව තිබෙන බවත් යථාර්තවාදී ආර්ථික ප්‍රතිසංසකරණ සහ ඉතා කාර්යක්ෂම තීන්දු තීරණ ගැනීම සිදු කළ යුතු බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
පෞද්ගලික රෝහල් මිල නියාමනය කිරීම පිළිබඳ සකස් කළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල නියාමනය සිදු කෙරෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාහ කරයි.