වියට්නාම අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු ගේ ආරාධනයක් මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද සිට 19 වනදා දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටීමෙන් මීයගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ පූර්ණ වියදමින් සිදුකිරීමටත්, අපදාවට පත් ජනතාවට අවශ්‍ය ආහාරපාන, නවාතැන්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සහ දේපල ආරක්ෂාව ඇතුලු සියලු අවශ්‍යතා කඩිනමින් සැපයීමටත් අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උපදෙස් පරිදි පියවර ගෙන ඇත.
මීතොට මුල්ල හදිසි ආපදා තත්ත්වයට ලක් වූවන්ට සහන සැලසීම සඳහා දැනටමත් ක්‍රියාත්මක සියලු මෙහෙයුම්වලට උපරිම සහාය ලබදෙමින් ඒ සමඟ අත්වැල් බැඳගන්නා ලෙසත් පිළිගත් මූලාශ්‍රවලින් උපුටා දක්වමින් ඒ පිළිබඳව නිවැරැදි තොරතුරු පමණක් වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි.
සිංහල අවුරුද්ද උදාවීමත් සමඟ නොසිතූ විපතකට මුහුණදීමට සිදුවූ මීතොටමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට අපගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා.