විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, රතු කුරුස සමාජය - කොළඹ ශාඛාව , ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට යෝජිත "ප්‍රථමාධාර පුහුණු කිරීම හා ජීවිත මුදවාගැනීමේ ව්‍යාපෘතිය" පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, නිර්මාණාත්මක කලාවන් (creative arts) සඳහා වන ලොව ප්‍රථම e commerce වෙබ් අඩවිය www.esca.lk අන්තර්ජාලයට මුදාහැරීම අද (20) එම විශ්විවද්‍යාල පරිශ්‍රයේ දී උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය (ආචාර්ය) රෝහණ .පී.මහලියනආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.