පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කළ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදෙන නව බස් රථ බෙදාදීමේ තවත් අදියරක් හෝමාගම පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතන පරිශ්‍රයේදී (21) දින සිදු විය.
ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් බදු නොගෙවීම හේතුවෙන් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.