ලෝක රාජ්‍ය නායකයන්ට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව තීන්දු තීරණ ගැනීමෙහිලා බෞද්ධ පරමාදර්ශ ජාත්‍යන්තරව ජනගත කිරීම උදෙසා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තම්පලාවල ධම්මරතන හිමියන් හා සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ෆැරැකොස් චෙන්ට් (Francois Chenet ) මහතා විසින් රචිත Buddhist Ideals of Good Governance ග්‍රන්ථය අද (16) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම සිදු විය.
ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය යළි ලබා දීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58 කට රජය එකඟ වී ඇතැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ලෝක රාජ්‍ය නායකයන්ට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව තීන්දු තීරණ ගැනීමෙහිලා බෞද්ධ පරමාදර්ශ ජාත්‍යන්තරව ජනගත කිරීම උදෙසා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තම්පලාවල ධම්මරතන හිමියන් හා සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ෆැරැකොස් චෙන්ට් (Francois Chenet ) මහතා විසින් රචිත Buddhist Ideals of Good Governance ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අද (16) ප.ව. 4.00ට බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වෙයි.
මාතර පඹුරන පදිංචි යෙහාලි සංජනා ලියනපතිරණ දරුවා ඉතා දුර්ලභ ගණයේ රෝගයක් වන Hyperinsulinemia රෝගයෙන් පෙළෙන බැවින් ඇයට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය පහසුකම් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (16) කටයුතු කරන ලදි.