ආර්ථිකයේ විශාල වෙනසක් කරන්න මුල පිරුවා.ජීඑස්පී ප්ලස් ලැබුණු නිසා යුරෝපීය වෙළෙඳපොළට ඇතුලූ වීමට අවස්ථාව ලැබෙනවා.ඉදිරි වසර කිහිපය වෙනුවෙන් ආර්ථික න්‍යාය පත්‍රයක් සකස් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
මාතර දිස්ත්‍රික්කයේ සමාජ සුභසාධන ව්‍යාපෘති 602 ක් සඳහා විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 35.44 ක් වැය කර ඇති බව මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ එස්.ජී.විදුර ප්‍රසන්න මහතා පවසයි.
ජාතික තෛයිපොංගල් උත්සවය අද (15) දින උදැසන 10.00 ට නුවරඑළිය, සිනේසිටා නගර සභා ක්‍රිඩාංගනයෙදි පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථිර ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහාය නොර්වේ රජය විසින් ලබා දී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.