විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ඉතියෝපියානු නිල සංචාරය අතරතුරදී ඉතියෝපියානු විදේශ කටයුතු අමාත්‍ය,ආචාර්ය වර්ක්නෙ ගෙබ්යෙහු මහතා සමඟ පසුගිය දා අඩිස් අබාබා හි දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
වසර 2020 දී ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දිවයිනේ ලාදුරු රෝගීන් වැඩියෙන් වාර්තා වන ප්‍රදේශවල රෝග ලක්ෂණය ඇති පුද්ගලයන් සොයා නිවසින් නිවස ගොස් පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්. ඩබ්ලිව්. ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
සෑම වසරකම ලාදුරු රෝගීන් 2000ක් ශ්‍රී ලංකාවෙන් පසුගිය දස වසර පුරා වාර්තා වන බවත් වසර 2016 වැඩිම ලාදුරු රෝගීන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
2017 වර්ෂයේ ගත වූ මාසය තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 8399 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.