පාර්ලිමේන්තු විවාදවල කාලය මංකොල්ල කෑමක් සිදුව නැතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
මුදල් අමාත්‍යවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයට බයේ කුමන්ත්‍රණකාරී ලෙස මයික්‍රෆෝන ක්‍රියාවිරහිත කළා යැයි මතයක් ගෙන යෑම කණගාටුදායක හා පිළිකුල්සහගත ප්‍රකාශයක් බවත් විශ්වාසභංගයට කොන්දෙසි විරහිතව සහාය පළ කරන බවත් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසී ය.
තුනෙන් දෙකේ බලයකින් විශ්වාසභංග යෝජනාව පරාජය කරන බව සභානායක,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.