දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහාය වීමට විශ්‍රාමලත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී තිබේ.
2015 වර්ෂයේ ගත වූ මාස 3 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 11,611 ක් දිවයින මුළුල්ලෙන්ම වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කුඩා තේ වතු හිමියන් නිපදවන අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80/=ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.