මිනිස් ආහාරයට ගන්නා කොත්තු රොටී ප්‍රමිතියෙන් හා සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කිරීම පිළිබඳව හෝටල් හා ආපනශාලා හිමියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
‘’බක් මහේ Face book නෑගම’’ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 05 දින කුරුණෑගල, නිශ්ශංක මහ විද්‍යාලයේ දී උදැසන 8.00 සිට දවස පුරා පැවැත්වීමට නියමිතය.
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද තැනින් තැන මද වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
‘’ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය උදෙසා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ හා සංවිධානවල වත්මන් කාර්යභාරය'' මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අප්‍රේල් මස 05 දින පෙ.ව. 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
