දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දෙරටට වැදගත් වන ගිවිසුම් 04 කට අත්සන් තැබීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.
අපේ කලාපය නැවත සමෘද්ධිමත් කළ යුතුයි. එය විශ්වාසය මත පදනම් විය යුතු දෙයක්. එයට ආරම්භය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යතුමාට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී හඩ හොදින් කැපී පෙනෙන රටක් බවත් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඉන්දියාවට ශක්තියක් බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද (13) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය.
මීරියබැද්ද නාය යෑමෙන් විපතට පත් වූවන් සඳහා ස්ථීර නිවාස ඉදිකිරීම ආරම්භ කරමින් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. තිගාම්බරම් මහතාගේ සුරතින් මුල්ගල් තැබීම පසුගිය දා සිදු කෙරිණි.
