පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (10) රාත්‍රී දිවයිනට පැමිණීයේ ය.
දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට බලපා ඇති රෝගී තත්ත්වය අනාවරණය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.
ඉදිරි වසර සඳහා නැගෙනහිර පළාතේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර එම යෝජනා ක්‍රියාත්මක විය යුතු ආකාරය හා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩමුළුවක් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ උප්පුවේලි පිහිටි කළමණාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ලකුණු 67 ක ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.