නව තානාපතිවරයන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (05) හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් සියලු ආකාරයෙන් සිදු වු බලපෑම හා හානිය පිළිබදව සොයා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත්කළ විද්වත් කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදීම ( 10 දා ) අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
ජාතික ජල ශාස්ත්‍රීය පනත වර්තමානයට ගැලපෙන අයුරින් සකස් කිරීම සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් (10) අධිකරණ අමාත්‍යාංශයේදි පැවැතිවිණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.