පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කර ප්‍රකාශ කිරීමට හැකි වන්නේ නාමයෝජනා භාරදීමෙන් පසුව බවත්, මේ වන විට පූර්ව මැතිවරණ ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදුවන බවත්, අධිකරණයෙන් පළාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙසට නියෝගයක් ලබාදුන්නොත් මිස පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත්, මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) මහත්මිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ආයුර්වේද සමීක්ෂා ශාස්ත්‍රීය ග්‍රන්ථය, වෙබ් අඩවිය සහ "වෙදවරු" ජංගම දුරකථන යෙදවුම දේශීය වෛද්‍ය ක්‍රමය ලෝකය ඉදිරියට ගෙනයාමට මහඟු පිටිවහලක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
"ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.