නියඟය, ගංවතුර හා වන අලි හේතුවෙන් 2021-22 මහ කන්නයේ දී වගා හානි වූ ගොවිජනතාවට රුපියල් මිලියන 657ක් මෙ වනවිට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
තානාපතිවරයන් සිව්දෙනෙක් සහ නිත්‍ය නියෝජන දෙකක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (13) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඉපැරණි පාරම්පරික වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව පාරම්පරික ලියාපදිංචිය අපේක්ෂිත වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා නේවාසික පුහුණු වැඩසටහන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය විසින් පැවැත්විණි
තොරතුරු තාක්ෂණ අංශය, රටට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තය ක් බවට පත්කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.