ගතික පරිසරයට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පන්නරය පාසල තුළින්ම ලබා දෙනු වස් 2023 ජනවාරි 04 සිට 2023.මාර්තු 24 දක්වා සෑම බදාදා දිනකම “සතිමත් බව පිහිටුවීම” නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වැටුප් හා විශ්‍රාම වැටුප් සදහා දරණ බර අති විශාල නිසා ආර්ථිකයේ වියදම් දැරීමට නොහැකි තත්ත්වයක් පැන නැඟී තිබෙන හෙයින් 2023 වසරේ දී කිසිඳු වැටුප් වැඩි වීමක් කරන්න හෝ අතිකාල දීමනා ගෙවීමට මුදල් වෙන් නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බවත්, රට තුළ ආර්ථික අර්බුදයක් පවතින තත්ත්වයක තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් හදිසියේ කරන ලද ඉල්ලීම් 06 ක් පිළිබඳව සොයා බැලීමේ දී ඔවුන්ටමාසෙකට පැය 100කට ලෙස ගෙවන ලද අතිකාල දීමනාව මාසෙකට පැය 240ක් වශයෙන් කරන ලද ඉල්ලීම්කිසිසේත් සාධාරණ නොවන බවත්, ජනමාධ්‍ය, ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාලවල හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පිටු දකින ශාස්ත්‍රීය නිදහස ආරක්ෂා වෙන පරිසරයක් ඇති කිරීමට පාර්ලිමේන්තුව එක්ව කටයුතු කළයුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාවල ඇති වූ තත්ත්වය වැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද(13) පාර්ලිමේන්තුවේදී පැවසීය.