නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ජනපති හමුවෙයි
දෙවැනි එළිසබත් රැජිණගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වැනි දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ට්විටර් අඩවිය නිවේදනය කරයි.
මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ධීවර ප්‍රජාවගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට තමන් වැඩපිළිවෙලක් සකස් කිරීමට නියමිත බවත්, ධීවර ප්‍රජාවගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන්ද වැඩ පිළිවෙලක් සකස් කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, නව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.