ඉදිරියේදී කෘෂිකර්ම ක්ෂේත්රය හා සම්බන්ධ විශේෂඥ කමිටුවක් මගින් පමණක් , කෘෂිකර්ම ක්ෂේත්රය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා බවත් ඒ අනුව රට ස්වයංපෝෂිත කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ දියත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය
ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල්පත නිකුත් කර වසර 150ක් පිරීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මගින් 2022 සැප්තැම්බර් 01 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සමරු තැපැල්පතක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් (2022 අගෝස්තු 31) පස්වරුව වන විට නාවික හමුදාව සූදානමින් තබා ඇත.
පහළ වායුගෝලීය කැළඹීලි තත්ත්වය ශ්‍රී ලංකාව ආසන්නයේ තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.