ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වැනි බදාදා දින සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) නිවේදනය කළේ ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07, පිහිටි පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී ගිනිතබා ඇතැයි වාර්තා වෙයි.
අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට දී මාධ්‍ය වාර්තාකරුවන් කීපදෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පහරදීමේ සිදුවීම පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.