ලබන 10 දින සිට බාධාවකින් තොරව ලැබෙන ඉන්ධන තොග කළමනාකරණයකින් ලබාදීමට බලපොරොත්තු වන බවත් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පල කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150ට මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට, පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර පුත්තලම සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුලි මස 01 වන දින රාත්‍රියේදී කල්පිටිය කීරිමුන්දලම වෙරළාශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදු මාර්ගයෙන් නීතී විරෝධි ලෙස රටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 1680 ක පමණ තොගයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.