ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ශ්රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකාව සඳහා වන අධ්යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ.
    ශ්රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙතෙක් සිදු කරගෙන යන සියලු ගිවිසුම් ඒ ලෙසම ඉදිරියටත් ක්රියාත්මක කරන බවද ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකාව සඳහා වන අධ්යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා අවධාරණය කළේය.
    ශ්රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සංචාරක ක්ෂේත්රය දියුණු කිරීමට අවශ්ය පහසුකම් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව මූල්ය ආධාර ලබාදීමට කැමැත්ත පළකර තිබේ.
    ඒ අනුව සංචාරක ක්ෂේත්රයේ යටිතල පහසුකම් නංවාලීම සඳහා මූල්ය ප්රතිපාදන ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.
    උතුරේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකාව සඳහා වන අධ්යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා මෙහිදී එකඟතාව පළ කළේය.
    එසේම ශ්රී ලංකාවේ බලශක්තිය හා සුළු පරිමාණ ව්යවසායකයන් දියුණු කිරීමට අවශ්ය මූල්ය ආධාර ලබාදීමටත්, මූල්ය ක්ෂේත්ර දියුණු කිරීම සඳහා මූල්යාධාර ලබාදීමටත් ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් කැමැත්ත පළ කරන ලදී.
    ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්රධානී චොල්පොන් මැම්බෙටෝවා(Cholpon Mambetova), මුදල් අමාත්යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්යක්ෂ ජනරාල් ඩී.ඒ.පී. අබේසේකර, අධ්යක්ෂ උදේනි උඩුගහපත්තුව, ජ්යෙෂ්ඨ ආර්ථික නිලධාරීන් වන හසිතා වික්රමසිංහ සහ ලක්ෂිණී ප්රනාන්දු යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු වැඩි කිරීමට පියවර ගත් බව, ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එමි.වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ(06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි  ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පැවසීය.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya