බය නැතුව හෘද සාක්ෂියට එකඟව රාජකාරිය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරි කිරීම සඳහා ධෛර්යක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මේ වන විට මූලික පුහුණුව ලැබූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 116 සහ පොලිස් කොස්තාපල්වරුන් 1169 දෙනෙකු විසිර යාමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අළුවිහාරපිටියේදී ඊයේ (15) පැවැත්විණි. එම උත්සවයට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
බය නැතුව හෘද සාක්ෂියට එකඟව ඔබ රාජකාරිය කරන්න. අලුත් දේශපාලනය ක්‍රමය තුළ කිසිදු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ. ඒ නිසා ඔබටත් වගකීමක් තියෙනවා මේ තත්ත්වය තුළ නිවැරදිව රාජකාරිය ඉටුකරන්න."
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස්රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බවත්, ඉදිරි සති දෙක තුළ වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණය කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් 10ක් කොළඹ, ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කවල යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි. අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුට එවෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
මීට අමතරව එම සියලුම ඩිංගි යාත්‍රාවක් සහ ආපදාට පත් ජනතාවට සහන සැළසීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දී ඇතැයිද පැවසීය.
විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනෙවල නිලධාරින් අවශ්‍ය සහාය ලබා දීමටද නාවික හමුදාව සූදානම් බව මාධ් ප්‍රකාශකවරයා පැවසීය.
තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා බටහිර නාවික විධානය තුළ අමතර ආපදා සහන කණ්ඩායම් විසි දෙකක් (22), දකුණු නාවික විධානය තුළ නවයක් (09) සහ වයඹ නාවික විධානය තුල දාහතක් (17) වශයෙන් අමතර ආපදා සහන කණ්ඩායම් හතලිස් හයක් (48) ක් සුදානමින් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා අමතර යුද හමුදා භට පිරිස් යොදවා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්නල් සංජීව දිසානායක මහතා පවසයි.
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි 6500කට වැඩි භට පිරිසක් අවශ්‍ය ස්ථානවල සූදානම් වී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
මිට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇති විය හැකි හදිසි අපදා තත්ත්වයකදි යෙදවිම සඳහා යුනි බෆල් රථ හා යුනිකෝන් රථ, බෝට්ටු සුදානම් කර ඇති බවද යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.