ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
     
    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06)  මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
     
    අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.
     
    ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.
     
    අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වූ අතර පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
     
    මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
     
    පසුගිය ජනාධිපතිවරණ‍යේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
     
    මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.
     
    මේ සම්බන්ධ පරීක්ෂණය සිදු කළ යුතු වන්නේ පූර්ව නිගමනයකට එළඹ, එම නිගමනය සාර්ථක කර ගැනීම සඳහා සාක්ෂි එකතු කිරීමෙන් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විවෘත මනසකින් හා විවෘතභාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය.
     
    දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදු වීද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතින බවත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි කළ හැකි නම්  එය විශාල ඛේදවාචකයක් බවත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට දේශපාලනය පවතින්නේ එවන් අන්තයක නම් පළමුවෙන්ම එම තත්ත්වය මුළිනුපුටා දැමිය යුතු බව අවධාරණය කළේය.
     
    එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවාදැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව දෙවනුව මෙහිදී සිදු වූයේ කුමක්ද යන්න හෙළිදරවු කර ගැනීම වඩා වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
     
    තෙවනුව ජීවිත 274කට ආසන්න පිරිසකගේ දිවි අහිමි කළ හා තවත් විශාල පිරිසකට තුවාළ සිදු කළ මෙම ඛේදවාචකයේ වින්දිතයන්ට තම ආදරණීයයන් කෙරෙහි තමන් තුළ පවතින ආදරය හා භක්තිය වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා  පැවසීය.
     
    එසේම මෙවැනි ප්‍රහාරයක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් පූජකතුමන්ලාගෙන් ඉටු වූ කාර්යභාරයට නැවත නැවතත් කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
     
    සමාජය තුළ පැවති බැඳීම්, ලෙංගතුබව, විශ්වසනීයත්වය පළුඳු වී අනෙක් ජන කණ්ඩායම් කෙරෙහි ක්‍රෝධයෙන් හා සැකයෙන් බැලීමට සිදු වූවා නම් එය සමාජයේ යහපැවැත්මට විශාල තර්ජනයක් බවත්, සමාජය තුළ ඇති වූ එම තත්ත්වය හේතුවෙන්ද මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
     
    ගෙවී ගිය වසර 05 මුළුල්ලේ සෑම අප්‍රේල් 21 වනදාකම මහා මාර්ගයට හෝ මංසන්ධිවලට පැමිණි ජනතාව මුදා හැරියේ වසරක් පුරා ඔවුන්ගේ හදවත්වල පැවති යුක්තිය පිළිබඳ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බවයි. විපතට පත් වූවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජයයන් කටයුතු කළත් මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන ප්‍රශ්නය  ජනතාව තුළ තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
     
    මෙරට ජනතාව තුළ අනුර කුමාර දිසානයක මහතා කෙරෙහි විශ්වාසයක් තිබෙන බවත්, එතුමාගේ අවංකභාවය  පිළිබඳව තමන් අගය කරන බවත් පැවසු  මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන් එම අවංකභාවය සහ ලෙන්ගතුකම ජනතාව හමුවේ ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට  වගකිවයුත්තන්  නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    කටුවාපිටිය දේවස්ථාන භාර මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා ඇතුළු පාස්කු ප්‍රහාරය වින්ඳිතයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    රටක ජීවනාලිය වන ශ්‍රම බලකායේ කොටස්කරුවෙකු වෙමින් මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී රජයේ සේවය ලබා දුන් දායකත්වය සිහිපත් කරන ගෞරවණීය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දිනය අදට යෙදී තිබේ. ‘ජාතික විශ්‍රාමික දිනය’ දශක ගණනාවක ඔවුන්ගේ මෙහෙවරට පිදෙන සංකේතාත්මක උපහාරයක් පමණි. ඔවුන්ගේ සැඳෑ ජීවිතය ආර්ථික හා සමාජයීය වශයෙන් සවි බල ගැන්වීම දියුණු ජාතියක් ලෙස ලබා දිය හැකි ඉහළම උපහාරය වන්නේය.

    ආර්ථික හා සමාජයීය වශයෙන් ශක්තිමත් පුරවැසියකු පමණක් නොව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ වෙත සෞඛ්‍ය සම්පන්න,අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ, දියුණු සංස්කෘතික පුරවැසියකු ලෙස ජීවත්වීම සඳහා පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගොඩනැගීම අපගේ අරමුණයි.

    ආරක්ෂිත සමාජයක් සහ සුපෝෂිත ජාතියක් දැක්ම කරගත් නව රජයේ ප්‍රතිපත්තීන් තුළ ජාතික විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තීන් තිරසරව හා අඛණ්ඩව පවත්වා ගනිමින් විධිමත් හා අවිධිමත් අංශයන්හි දායකත්වය සහිතව සැමට විශ්‍රාම වැටුපක් ලබා දීමේ පුළුල් ප්‍රතිපත්තියක් පවත්නා ආයතනික රාමුව තුළ සකස් කර ක්‍රියාත්මක කිරීම අනාගතයේ දී සිදුවනු ඇත.
    මේ වන විට සිය මෙහෙවර නිම කළ සක්‍රීය විශ්‍රාමිකයන්ගේ සාමුහිකය 720,000 ඉක්මවා ගොසිනි. 2024 වසරේ දී රජය විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 434කට අධික මුදලක් ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇත.

    මෙරට සෑම පුරවැසියක්ගේම සැඳෑ ජීවිතය අධ්‍යාත්මික, සමාජයීය, ආර්ථික යන සෑම අංශයකින්ම දියුණුවට පත් කිරීම අපගේ අරමුණයි. එම අරමුණ පෙරදැරිව සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් හිමිවන පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමේ දී ඔබ ද එහි කොටස්කරුවන් වනු නොඅනුමානය.

    රාජ්‍ය සේවයේ වසර ගණනාවක අත්දැකීම්, පරිචය සහ ජීවිත කාලය පුරාම වැඩි දියුණු කරගත් යහපත් ආකල්ප, රටේ මතු පරපුර වෙනුවෙන් දායාද කරමින් තව දුරටත් සක්‍රීය පුරවැසියකු ලෙස සමාජ ප්‍රගමණයට ඔබ දායකවනු දැකීම අපගේ අභිලාෂයයි.

    ඔබ සැමට නිදහස් නිවහල් සුවබර විශ්‍රාම දිවියක් පතමි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
     
    ලෝක ගුරු දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත දැක් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya