අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය (11) වැනිදින නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි පැය 48 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබේ.
එම නවේදනය පහත දැක් වේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 20,553ක් ආපදාවට ලක්ව ඇති බවත්, අවතැන් වී සිටින පවුල් සදහා පිසූ ආහාර ලබා දීම සහ අනෙක්තු සහන සැලසීම, අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරීන් මගින් සිදු කරන බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා ඊයේ(13) පස්වරු 4.00 වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 20,553ක පුද්ගලයන් 82,839 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ අනුව දොම්පෙ , අත්තනගල්ල , මිනුවන්ගොඩ , මීරිගම , බියගම , දිවුලපිටිය , වත්තල , මහර , කැලණිය , කටාන , ජාඇල හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 261 පුද්ගලයන් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටිති .
මේ වන විට පූර්ණ හානි කිසිවක් වාර්තා වී නොමැති අතර අර්ධ හානි 41ක් වාර්තා වී ඇත. දිස්ත්‍රික්කයේ අවතැන් වූ පවුල් සංඛ්‍යාව 446කි. එම පවුල්වල සාමාජිකයන් 1,478 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන 18ක රැකවරණය සලසා තිබේ .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතාතද වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.