දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පෝෂණය කිරීම සහ ව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු සේවා සඳහා වන පකිස්ථානු ආයතනය (Pakistan Institute for Parliamentary Services - PIPS) අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා (19) පාර්ලිමේන්තුවේ දී සිදුවිය.
යළිත් පැරණි ක්‍රමවේදය යටතේ වීසා ලබා ගැනීමට අවස්ථාව ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබාදීම නිසා ජනතාව සහ මෙරටට පැමිණෙන විදේශිකයන් විශාල ගැටලුකාරී තත්වයකට මුහුණ දී ඇති බවත්, ඒ හේතුවෙන් රජය මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.