කාන්තාවන් නායකත්වය කරා යන ගමනේදී මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට දැනුම, නිපුණතාව සහ ආත්ම විශ්වාසය නිරන්තරයෙන් වර්ධනය කරගනිමින් නොබියව ඉදිරියට යන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් අමතමින් පැවසුවාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් 2024 නොවැම්බර් 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන බවත් නිවේදනය කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රි අත්සන් තබා තිබේ.
මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.