ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ දි දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය ඇමතු ජනාධිපතිවරයා පැවසුවේ, තම පාලන කාලය තුළ දි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බවයි. එසේම ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් පාලනයකට පාලකයෙක් පත් කර ගැනීම පමණක් නොව එහි ව්‍යුහය ශක්තිමත් කිරිම හා නීතිය ශක්තිමත් කිරීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පැවසීය.ඒ සඳහා තමා උපරිමයෙන් කැපවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනතාව අපේක්ෂා කරන්නේ යහපත් දේශපාලන සංස්කෘතියක් බවත්, තමා ඒ වෙනුවෙන් කැපවීමට සුදානම් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අප රටේ දේශපාලකයා සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගේ ඇති අයහපත් අදහස, නැවතත් විස්වාසනීය ලෙස ගොඩනැගීමට කළහැකි සියල්ල කිරිමට සුදානම් බව ද ජනාධිපතිවරයා පැවසීය.
මේ වන විටත් රට පත්ව ඇති අර්බුදය හුදු ආණ්ඩුවකට, හෝ පුද්ගලයෙකුට පමණක් පියමන් කළහැකි දෙයක් ලෙසින් විස්වාස කළ නොහැකි බවත්, මීට පෙර මා සඳහන් කළ පරිදි මා ඉන්ද්‍රජාලිකයෙක් හෝ මැජික්කරුවෙකු නොවන බවත් තමා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකු බවත් පෙන්වා දුන්නේය.
එසේ වුවද, හැකියාවන් උරාගෙන දන්නා දේ එක් රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගෙන මේ රට මෙහෙයවීමට තමා බලාපොරොත්තු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මෙම අර්බුදය නිම කිරිමට පොදු පුරවැසියන්ට වගකීමක් ඇති බවත්, සියලු ක්ෂේත්‍රයන් හි සේවකයන්ට වගකීමක් ඇති බවත්, එය සියලු පාර්ශවයන්ගෙන් අපේක්ෂා කරන බවත් ජනාධිපති වැඩිදුරටත් පැවසීය.
මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කළේය.
2024 ජනාධිපතිවරණය සාර්ථකව පැවැත්වීම සඳහා සහාය වූ සියලු දෙනාට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය ස්තුතිය පුද කළේය. 2024 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද(24) පැවති හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.