ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 ජූලි 26 දින “සමාධි, භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)” සහ 2024 අගෝස්තු 02 දින “සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” හා “මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත්වල සහතික සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
වනජීවී දෙපාර්තමේන්තුවට බහු කාර්ය නිලධාරින් 4000ක් පමණ යොදවා ගනිමින් ඔවුන් වන අලි තර්ජනයට මුහුණ දී තිබෙන ගම්මානවල ආරක්ෂාව සඳහා යොදවන බව වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
වැටුප් විෂමතා ඉවත් කරන තෙක් විශ්‍රාමිකයින් සඳහා රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට එකඟ වී ඇතැයි සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසිය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව අද(06) පෙ.ව 9.30ට රැස්වෙයි.
අද(06) පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව ‘මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත් වේ.