මහනුවර අධ්‍යාපන කලාපයේ දෙල්තොට, එනසල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ රුපියල් මිලයන තිහක මුදලින් මෙම නව ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා මුදල් ප්‍රතිපාදන සඳහා වෙන්කර ඇත.
මිට පෙර අවස්ථාවකදි පාසලේ පැවති උත්සවයකට සහභාගි වු අවස්ථාවේදි පාසල් ප්‍රජාව විසින් ආණ්ඩුකාරවරයාගෙන් සිදු කළ ඉල්ලිමක් අනුව සිදු කෙරෙනු නිරීක්ෂණයෙන් අනතුරුව මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කිරිම සිදු විය.
මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටියේ කැඩුණු බෙදුණු රටක් හැදිමට නොහැකි බවත් කිිසිදු භේදයෙන් තොරව දැයේ අනාගතය බාර ගැනිමට සිටින දරුවන් වෙනුවෙන් සේවය සිදු කළ යුතු බවයි. අධ්‍යාපනයේ අවසාන බලාපොරොත්තුවන රටට වැඩදායි , පිරිපුන් දරුවන් බිහි කිරීම බවත් මෙම විද්‍යාලය එයට හොද උදාහරණයක් බවත් ආණ්ඩුකාරවරයා පැවසිය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ආර්ථික අර්බුදවලට ලක්ව තිබු රට නැවත සාර්ථක මට්ටමක පවතින නිසා මේ පාසලට මුදල් ප්‍රතිපාදන ලබා දිමට හැකිවු බවත් මධ්‍යම පළාතේ උපාධිධාරින් රැසකට පත්විම් ලබා දිමටද අවස්ථාවක් ලැබුණු බවය. රටක සංවර්ධනයේ නියමුවා වන්නේ අධ්‍යාපනය බවත්, රටක් නිර්මාණ කිරීම මෙන්ම විනාශ කිරීම අධ්‍යාපනය මගින් සිදු කළ හැකි බවත්, රටක සංවර්ධන උදෙසා අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක, මහනුවර කලාප අධ්‍යපාන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ආර්.එෆ් අමීන් ,එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති සී.එම්.එෆ්. සිමාරා යන මහත්ම මහත්මින් ඇතුලු ගුරු භවතුන්, පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන්, දෙමාපියන් සිසු දරුවන් පිරිසක් එක් වූහ.
අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක, කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිජූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමිපාණන් වහන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අගෝස්තු 5 වන සඳුදා සවස 4.30ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.
අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම්වරයාගේ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවේදී උන්වහන්සේගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට තීරණය කර තිබේ.
උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද (02) දහවල් අපවත් වූ අතර උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 ජූලි 25 සිට අගෝස්තු 2 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි.
දූත මෙහෙය අවසානයේ දී නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය
කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදිමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ අද (02) පැවති තරුණ හමුවට එක් වෙමිනි.
“දීප්තිමත් අනාගතයත් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධානය කර තිබු මෙම හමුවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවයි.
මූල්‍ය ගැටලු හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.
එමෙන්ම ස්වයං රැකියාවල නිරත වීමට කැමති තරුණ තරුණියන් වෙනුවෙන් සහනාධාර ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට යාමට ද තරුණ තරුණියන්ට අවස්ථාවට උදාකර දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට ද මෙහිදී සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහකට එක්විමට ද අමතක නොකළේය.
මෙහිදී තරුණයෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමේ දී පළපුරුද්ද පිළිබඳ නොතකා එම බඳවා ගැනීම් සිදු කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් , රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන් , පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.