මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ ප්‍රතිශක්තිකරණය වැඩපිළිවෙල වැඩිදියුණු කිරිම අරමුණු කර ගනිමින් ජපන් රජය සහ Gavi CDS ව්‍යාපෘතිය විසින් UNICEF සංවිධානයේ සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 383 කට අධික වටිනාකමකින් යුත් නවීන අධිශීතකරණ පහසුකම්වලින් සමන්විත ලොරි රථ 10 ක් සහ කැබ් රථ 21 ක් නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද (22) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශ පරිශ්‍රයේ දී සිදු කෙරිනි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ඊයේ (21) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.