පාර්ලිමේන්තු කාරක සභාවලින් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කැඳවා උපදෙස් ලබා දිය යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයේ ගිණුම් කාරක සභාව විසින් 2023 වර්ෂයේ සිදු කරන ලද විමර්ෂණ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාව එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
පාර්ලිමේන්තුව අද (23) සිට 26 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතය.