ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලබන ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වැඩ ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 17) පෙ.ව.8.30 ගාල්ල, නුගදූව හතරමංහන්දිය අසළදී සිදු කිරීමට නියමිතය.
නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් 45000ක් විසින් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ පොලී මුදල් කපා හැරීමට අදාළ සහතික පත්‍ර ප්‍රදාන ජාතික උත්සවය (14) දා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සංඛේතාත්මකව සිදු කෙරිණි.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් 354න් 302 ක විදුහල්පතිධූර සදහා නිත්‍යානුකූල පත්කිරීම් වත්මන් පාලන කාලය තුළ මගහරිමින් සිටිනුයේ එළඹෙන මැතිවරණවලදී තම ආණ්ඩුවට වාසිවන අයුරින් මෙම විදුහල්පතිවරුන් හා පාසල් ප්‍රජාව මෙහෙයවීමට බව පවසමින් ලංකා ගුරු සේවා සංගමය ජනතාව නොමග යැවීමට දරණ උත්සාහය තරයේ හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.