කොළඹ පැල්පත්වාසී ජනතාවගේ නිවාස ප්‍රශ්නය 2024 වනවිට සම්පූර්ණයෙන්ම විසඳන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි .
දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය කුසලතාවයෙන් සහ නිපුණතාවයෙන් යුත් උපාධිධාරියෙකු මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිකිරීමේ වගකීම බලධාරින් තවදුරටත් අතපසු නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා (02) පෙරවරුවේ පොළොන්නරුව නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු කිහිපයක් පිළිබඳ සොයා බැලීය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී දිවිපිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගය පළ කරයි.