ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත්, එමගින්“සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබා දී තිබූ කාලය ලබන පෙබරවාරි 8 වනදා දක්වා දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව තීරණය කර ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මධ්‍යම පළාතේ සියළු අමාත්‍යංශ දෙපාර්තමේන්තු සහ අධිකාරිවලින් සිදු කෙරෙන මහජන සේවාවන් සහ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පිළිකා පත් ව තිබේ. මෙම ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටලුව නිසා ශ්‍රි ලංකාවේ සිදුවන මරණවලින් දෙවන ස්ථානයට පත්වන්නේ පිළිකා රෝගය බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.