මැයි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නාත්තන්ඩිය වලහපිටිය මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 සැප්තැම්බර් මස 22 දින සිදු කෙරිණි.

    රජයේ ප‍්‍රමුඛ සංවර්ධන වැඩසටහනක් වන ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව හා යාපහුව මැතිවරණ කොට්ඨාශවල ගල්ගමුව,ආණමඩුව, මහව, ගිරිබාව, අඹන්පොල සහ ගල්කිරියාගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණයවන පරිදි දීර්ඝ කාලයක් රජයේ ඉඩම් වල ජීවත් වූ පවුල් දෙදාහකට ආසන්න ප්‍රමාණයකට ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික උත්සවය ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  සැප්තැම්බර් 21 දින ගල්ගමුව - පළුකන්දෑව ජනාධිපති විද්‍යාලයීය ක‍්‍රිඩාංගනයේ දී පැවැත්විණ.

    සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන් 385 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍යපෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ දී පසුගියදා සිදු කෙරිනි.

    "ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් ඉගෙනගෙන පරිපාලන විභාගයත් සමත්වෙලා රාජ්‍ය පාලනයට එක්වන නිලධාරීන් බෙදිලා හිතන්න එපා. තමන්ගේ ප්‍රදේශය, ජාතිය, භාෂාව, ආගම ගැන හිතන්නේ නැතිව වැඩ කරන්න ඕනෑ. අපි එකම ජාතියක්, එකම ආගමක් එකම රටක් හැටියට වැඩකරන්න ඕනේ. යාපනයේ හෝ වේවා ගාල්ලේ හෝ වේවා වතුකරයේ හෝ වේවා අපි හැමෝම එකයි. එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි." යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya