ශාසනාරක්ෂක මණ්ඩලයවල කටයුතු පහසුකිරීමේ අරමුණීන් මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක කමණ්ඩලය සඳාහා කාර්යාල උපකරණ පිරිනැමීම අද (8) ප.ව. 4.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඇගයුම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව " EvalColombo 2018" යන මැයෙන් 2018 සැප්තැම්බර් 17 සිට 19 වැනි දිනය දක්වා කොළඔ හිල්ටන් හෝටලයේ දි හා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ දි පැවැත්විමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (07) පාර්ලිමේන්තු සංකිර්ණයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවක දි පැවසිය.
දිවයින පුරා පළාත් හා ප්‍රාදේශීය රෝහල් සංවර්ධනයට සැළසුම් කර ඇති බවත් එම රෝහල් වලට අවශ්‍ය ගිලන් රථ 650ක් ලබන වසරේදී ලබාදෙන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අළු හා ගල්කුඩු පරිසරයට මුදාහැරිම වළක්වන ආරක්ෂක ආවරණයේ ඉදිකිරිම් කටයුතු ලබන ජූනි මාසයේදි අවසන් කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය.