තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
සාමාන්‍ය පෙළ විභාගය ට පෙනී සිටි දරුවන්ගේ සහ වෙනත් අයගේ තොරතුරු කිසිදු පාර්ශවයකට ලබා දීම සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට සියලු පළාත්වලට සහ සියලු කලාපවලට දැනුම් දෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණයක් ප්‍රකාශයට පත් කරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලොව ප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමාගම විසින් අත්පත් කරගෙන තිබේ.