යාපනයේ පාසල් ගණනාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 700කට අධික සංඛ්‍යාවක් පසුගියදා (12) පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණියහ.
විශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කිරීම මැයි 25 වැනිදා
හිටපු කථානායක ගරු ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා මැයි 26 වැනිදා වෙන් කෙරේ
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව විවාදයට ගැනීම මැයි 24 වැනිදා
කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු ලේඛනයක් සකස් කර නොමැති බවත්, කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට අමාත්‍යාංශයේ ආරම්භ කර තිබෙන මහජන අදහස් ලබාගැනීමේ වේදිකාවට පැමිණ අදහස් දක්වන ලෙසට වෘත්තීය සමිති සහ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
මෙම දින වල සාමාන්‍ය වෛරස් උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙස්නා වශයෙන් උණ වර්ග 03ක් පැතිර යන බවද, ඔබට වැළඳී ඇති උණ කුමක් වුවද ඒ සඳහා පැරසිටමෝල් නොවන ඖෂධ භාවිතා නොකරන ලෙස කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසුවේය.