ශ්‍රී ලංකාවේ විදුලිබිල වැඩි වීම සමග එහි ඇති වූ බලපෑම් පිළිබඳව සකස් කරන ලද ඉදිරිපත් කිරීමක් ලෝක බැංකුවේ නිලධාරීන් විසින් (12දිනා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ඉදිරිපත් කරන ලදි
කලුබෝවිල ප්‍රදේශයේ විදේශ රැකියා උපදේශන සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් රට රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචාකළ බවට සැකපිට කාන්තාවක් (11) දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට ගෙන (12දින ) නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 11 වැනි දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පවතින ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) කැඳවා තිබිණි.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ග රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 13 වැනි සෙනසුරාදා ( අද ) පෙ.ව 10.00ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.