ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ,ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමඟ ( අප්‍රේල් 01) ජනපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණි.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ අභිනවයෙන් ස්ථාපිත කළ ඇසුරුම් පරීක්ෂණ රසායනාගාරය ( packaging testing laboratory ) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්,යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින වෙනුවෙන් තානාපති ඩෙන්ස් චායිබි (Denis Chaibi) මහතාගේ සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ( UNIDO) ජ්‍යේෂ්ඨ තාක්ෂණික විශේඥ ආචාර්ය Jairo A. Villamil-Diaz මහතාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් යුතුව ( මාර්තු 30 ) විවෘත කෙරිණි.
ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
"ගුවන් හමුදා හෙරළි පෙරළි" නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී (01) ආරම්භ කෙරිණි .