කුමන ආණ්ඩුවක් බලයේ සිටියද මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා යුතු බවත් ඒ සඳහා සියලු අභියෝගයන් හමුවේ වත්මන් ආණ්ඩුව උපරිම කැපවීමෙන් යුතුව ඒ වෙනුවෙන් කැපවී සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුලු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් මේ වනවිට සියයට 50කින් පහළ ගොස් ඇති බවකොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට (28) දැනුම් දී ඇත.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වන යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බවට පත් කිරීම යථාර්තයක් කරලීම උදෙසා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම්හී සහයෝගය ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී (28) දින පැවැත්විණ.