පාසල් අධ්‍යාපනයෙන් අතරමග නවතින දරුවන් සියලු දෙනාට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දෙන බවත් දරුවන්ට පෙර වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කරයි.
බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල ක්‍රියාත්මක වන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තෝරනු ලබන අවසන් මහ තරගය සංගීත් කුරේගේ නායකත්වයෙන් යුත් ගෝල් කණ්ඩායමත්, මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමත් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (02) ආරම්භ වේ.
අපේ රටේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා ඉතාලි රජයේ සහයෝගය ලබා දීමේ අරමුණින්, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළමු පියවර පසුගිය (27) දා ඉතාලි තානාපති කාර්යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
යල කන්නයේ සහ මහ කන්නයේ අස්වැන්න සාර්ථක වී ඇති බැවින් ඉදිරියේ දී සහල් ආනයනය කිරීමට සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.