මෙගාවෝට් 100 ක සූර්ය බල උද්‍යාන තුනක් රටේ ඉදිවෙනවා. පළමු සූර්යබල උද්‍යානය මොණරාගල ,සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල පනත නමින් නව පනත් කෙටුම්පතක් ලබන වසරේ ගෙන ඒමට කටයුතු කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවදයේ දසවැනි වෙන් කළ දිනය අදට (23) යෙදී තිබේ.
අලුතෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න කටයුතු කරනවා. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තුළින් විෂයන් 24ක් අලුතින් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. විෂයන් අනුව ගුරුවරු තෝරාගෙන, ගුරුවරු 48,000ක් බඳවා ගැනීමට කටයුතු කරනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.