විදේශයන් හි සිටින ශ්‍රී ලාංකික ජනතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සළසා දීම සඳහා ඊට අනුෂාංගික කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවක් පත් කෙරේ.
කලාපිය ආර්ථිකයට අනුව අපේ ආර්ථිකය නංවාලීමට කටයුතු කරන අතර, ව්‍යාපාර දියුණුව හා ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
මෙවර අයවැයේ සාධණීය ලක්ෂණ තිබෙන බවත් වස විසෙන් තොර ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
රට ඉදිරියට ගෙන යන අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බවත් ජාතික ආණ්ඩුව නිශ්චිත අරමුණු කීපයකට හදා තිබෙන බවත් ජාතික ආණ්ඩුව ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් නිසා විදුලි පුටු ගැන කතා කරන්නේ නැති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.