ජලගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් යළි සළකා බලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවත් මේ සම්බන්ධයෙන් ඇමති මණ්ඩල රැස්විමේදි සාකච්ඡා කළ බවත් රාවුෆ් හකීම් මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ජලගාස්තුව වැඩි කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බවත් ඒ පිළිබඳව සොයාබැලීමට අමාත්‍යවරු තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ය.
''ආවා'' නැමැති කණ්ඩායම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරගෙන යන බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
රැකියා විරහිත ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ට රැකියා ලැබෙන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.