මේ වසරේ රජයේ ආදායම පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය 2014ට සාපේක්ෂව 21%කින් වර්ධනය වී ඇති බව ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
අලි වැටවල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කෙරෙන බවත් අලි වැටවල් සම්බන්ධයෙනක් සමස්ත ගුණාත්මක බවක් අනුගමනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
පාසල්වල පවත්වාගෙන යන ආපනශාලාවල ආහාර පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කොළඹ මහනගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.
අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ ''අශෝබා'' නැමැති සුළි කුණාටුව ඈතට ගමන් කරමින් දුර්වල වෙමින් පවතින නිසා දිවයිනේ නිරිතදිග වැසි තත්ත්වය වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
