2024 වර්ෂය ධන ආර්ථිකය සහිත ශක්තිමත් වර්ෂයක් බවට පත්වනු ඇති බවත්, 2019 සිට 2020 වන විට බදු ආදායම අඩුවීමද ආර්ථික කඩා වැටීමට හේතු වූ බවත්, එම තත්වය වත්මන් බදු ප්‍රතිපත්තිය යටතේ නැවත යථා තත්වයට පත්වෙමින් පවතින බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් බොලිවුඩ් සුපිරි තරු මෙරටට ගෙන ඒමට සහාය ලබා දෙන බව බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන සංජය කපූර් හා චුන්කි පාන්ඩේ පවසයි.
2023 වසර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා පැහැදිලි සැලැස්මක් පසුගිය වසර අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහ අදාළ බලධාරීන්ට ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
මෙරට අධිකරණ පද්ධතියේ ධාරිතාවය ඉහළ නැංවීමට හා අවශ්‍ය විශේෂඥ සහාය ලබාදීමට කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේමෙරට නව නිත්‍ය නියෝජිත Azusa Kubota මහත්මිය පවසයි.