“ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය, 2022 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තිය ප්‍රකාරව තීරණය කරන ලදී.
විදේශ රැකියා වලට යන පුද්ගලයින් නම,වයස,පදිංචිය ආදි තොරතුරු වෙනස් කර හැදුනුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර විදේශ ගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම ( 27 දින) අත්සන් තබන ලදි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කළ , ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass ) ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මහජනතාව දැනුවත් කළ සහ ඊට සහය වූ යෞවන සමාජ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයක් අද (.29 ) පෙ.ව 10.00ට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි